NEOBUX free join click Banners

Breaking News
recent

පරිගණක ක්‍රීඩාවක් නිර්මාණය කරමු





ආයුබෝවන්!

හුඟ කාලෙකින් ලිපියක් ලියන්නත් බැරිවුණා. ඉතින් ඔන්න අද මම Games වලට ප්‍රිය කරන යාළුවන් වෙනුවෙන් පොඩි තෑග්ගක් අරගෙන ආවා...

ඔයාලත් කැමති නේද Game එකක් එහෙම හදන්න...? මෙන්න එහෙනම් ඔයාලට මුල් අඩිතාලම. මේකෙන් පුළුවන් 2D සහ 3D Games නිර්මාණය කරන්න. මේක Microsoft සමාගම විසින් නොමිලේ ලබා දීපු Software එකක්.  පස්සේ කාලෙකනම් බිල් ගේට්ස් මහත්තයා අයිඩියා එක වෙනස් කරයිද දන්නේ නෑ. මේකේ නම,Microsoft Kodu Game Lab. මේකේ භාවිතා වෙන්නේ, Visual Programming Language කියන ලේකන ක්‍රමය. මේකෙන් අදහස් වෙන්නේ, රූප සහ සටහන් භාවිතයෙන් ක්‍රමලේකනය කිරීම කියන එක. ඒ කියන්නේ Java වගේ Coding තාක්ෂණයෙන් ඔබ්බට ගිහින් වඩාත් පහසු වුණු ක්‍රමයක්. ඉතින් මේක පාවිච්චි කරලා ඕනෑම කෙනෙකුට පුළුවන් තමන්ගේ පරිගණක ක්‍රීඩා නිර්මාණ සිහිනය සැබෑ කරගන්න.



ඉතින් මේක VPL නිසා වැඩි කතා අවශ්‍ය වෙන්නේ නෑ. පහළ සබැඳිය භාවිතා කරලා Original ම මෘදකාංගය බාගෙන Install කරගන්න. මේක එච්චර ලොකු එකක් නෙවෙයි. Size එක 192MB.මේක ස්ථාපනය කරන්න ඔයාලගේපරිගණකයේ තිබිය යුතු අවශ්‍යතා තමයි මේ තියෙන්නේ...

O/S: Windows 7, Windows Vista, Windows XP
A graphics card that supports DirectX 9.0c and Shader Model 2.0 or higher is required. .NET Framework 3.5 or higher is required. XNA Framework 3.1 Redistributable is required.

FREE DOWNLOAD MICROSOFT KODU GAME LAB 

ඉතින් එහෙනම් පොඩි උත්සාහයක් දරලා බලන්න.

හැමෝටම ජය වේවා!


පරිගණක ක්‍රීඩා නිර්මාණය - පරිසරය නිර්මාණය කිරීම






ආයුබෝවන්!

ඔන්න මම පොරොන්දුවේ විදිහට Kodu Game Lab ගැන දෙවෙනි ලිපිය කියනවා. මුලින්ම අපි බලමු අපේ ක්‍රීඩාවට අවශ්‍ය පරිසරය නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. ඒ සඳහා මුලින්ම  Main Menu එකේ "New World" කියන එක ක්ලික් කරන්න.




දැන් ඔයාලට මේ පහළ තියෙනවා වගේ Screen එකක් ලැබේවි.



Ground Brush Tool
ඉස්සෙල්ලාම පහළ තියෙන විදිහට Ground Brush එක Select කරගන්න.


දැන් Ground Brush එකට වම් පස ඉහළින් තියෙන Icon එක ක්ලික් කරන්න. එතකොට ඔයාලට මෙන්න මේ වගේ Ground Type Selection එකක් ලැබේවි. දැන් ඔයාලට අවශ්‍ය Ground Type එක තෝරාගන්න. ඊට පස්සේ ඔයාලට සිතැඟි පරිදි Ground එක නිර්මාණය කරගන්න පුළුවන්.




UP/Down Tool
මේ Tool එක මගින් කරන්නේ, අපි නිර්මාණය කරගත්තු පොලව උස් පහත් කරගන්න එක. මේ Tool එක භාවිතයේදී, Left Mouse Button ක්ලික් කිරීමෙන් උස් බිම් නිර්මාණය කරනත්, Right Mouse Button භාවිතයෙන් පහත් බිම් නිර්මාණය කරන්නත් පුළුවන්.

  


Flatten Tool
මේකෙන් පුළුවන් ඔයාලා හදාගත්තු විෂම බිම් Smooth කරන්න. මේ පහළ පින්තුරය බලන්න. එතකොට ඔයාලට මේ කතාව තේරේවි.




Roughen Tool
මේක භාවිත කරලා ඔයාට පුළුවන් කඳු බිම් සකස් කරගන්න.
  


Water Tool
මේක නම් ඉතින් නමින්ම තේරෙනවනේ... මේකෙන් පුළුවන් ජලය පුරවන්න.  මේකෙත් අර Ground Level වගේම Icon එක ක්ලික් කරලා Water Type එක තෝරන්න පුළුවන්.




Change World Settings
මේකෙන් පුළුවන් Game Environment එකේ වෙනස්කම් සිදු කරන්න. මේ පහළ තියෙන්නේ උදාහරණ.





Object Tool
මේකෙන් පුළුවන් විවිධ Objects එකතු කරගන්න. ඒ පහළ තියෙන්නේ උදාහරණ. ඔයලට කරන්න තියෙන්නේ අවශ්‍ය තැන ක්ලික් කරලා Object එක තෝරන්න.



එහෙනම් මම ගිහින් එන්නම්

1 comment:

  1. ලෝකෙ තියෙන හොදම ඇඩ් ක්ලික් වෙබ් අඩවි මෙන්න : https://e-moneysinhalennet.blogspot.com/2019/08/blog-post.html

    ReplyDelete

Make Money From shorte.st In Sinhala

    මේක Blog, Facebook ,Twitter & Youtube එකෙන් සල්ලි හොයන්න පුලුවන් ක්‍රමයක්.    මේ link එකෙන් Register වෙන්න .   මු...

Powered by Blogger.